Gemini (මිථුන) Daily Horoscope

 

Date : 22-Apr-2025

හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය.

සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇතිවේ. කෙසේ නමුත් ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. සතුරන් ඇතිවීමට ඉඩ ඇත.

සුභ දිශාව- නැගෙනහිර

මරු සිටින දිශාව- බස්නාහිර

හිරු උදාව- 5:58 am

හිරු බැසීම- 6:19 pm

රාහු කාලය- 3:14 pm - 4:47 pm

1 из 4